Colombo Today Local News

ගෙවුණු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 ක්… කලාප 82 ක් අධිඅවදානම්..

මේ මස පළමු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු රෝගය මේ දිනවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නේ බස්නාහිර පළාතෙන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, රෝගය පැතිරීමේ අධිඅවදානම් දිස්ත්‍රික්ක 08 ක් හඳුනාගෙන ඇති බවයි.

කොළඹ, ගම්පහ ,කළුතර ,මහුනවර, ගාල්ල ,යාපනය ,කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක එලෙස අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබේ.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 82 ක් ඩෙංගු ව්‍යාප්ත වීමේ අධිඅවදානම් කලාප ලෙස නම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන 15 වැනිදා සිට 21 වැනිදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි.

Related posts

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday

මට ආචාර්ය පට්ටමක් දුන් කෙනා සොයනු

Admin

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මාරාන්තිකයි – පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය මර නින්දේ

colombotoday

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin

පොට්ටු අම්මාන් තමිල්නාඩුවේ යහතින් !

colombotoday