Colombo Today Local News

කබ්රාල් ඇප මත මුදාහරී

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07)දින නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව නව පැමිණිල්ලක් ගොනු කිරීමට ද අධිකරණය පැමිණිල්ලට නියම කළේය.

නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන්ගේ. පෞද්ගලික පැමිණිල්ලකට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයාට අධිකරණය මගින් මෙසේ නොතීසි නිකුත් කෙරුණේ ඉකුත් 25 වැනිදාය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණ ට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ව කරමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් ස්බ්‍රිරි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත.

Related posts

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

Admin

නව ව්‍යවස්ථාවට ජනමත විචාරණ නෑ.. පාර්ලිමේන්තුවම එකතු වී සම්මත කරගන්නවා – චම්පික

colombotoday

මත්පැන් බැරලයක් පුපුරා අයෙක් මරුට

colombotoday

ආපදා සහන දෙන්න, ජාත්‍යන්තර සමුළුවක් කැදවා ආධාර ඉල්ලන්න යයි !

colombotoday