Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

රාජ්‍ය සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු වී ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම වැඩපිළිවෙළ පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් ඇති අතර කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රාජ්‍ය සේවකයින්ට සේවා ස්ථානයට පැමිණීම සඳහා දැරීමට සිදුව ඇති අධික වියදම අවම කිරීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා එම වැඩපිළිවෙළ අදාළ නොවන බව ද අමාත්‍යවරයා සදහන් කරයි.

Related posts

පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!

Admin

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසොක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

පානම මුහුදේ භූමිකම්පාවක් | මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව

colombotoday

විදේශිකයින්ට මෙරටට ඒමට නිකුත් කළ විසා තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කෙටි නිහැඩියාවකට පසු බොදු බලේ අද යලිත් වැඩ අල්ලයි

colombotoday

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

Admin