Colombo Today Local News

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය. – ඇඟලුම්හලේ කළමනාකාරවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තව ත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (ජූනි 4) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඉන් එක් පුද්ගලයෙකු වයස අවුරුදු 53ක නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙකු වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 27ක් වන හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය.

27 හැවිරිදි පුද්ගලයා මන්ත්‍රීවරයා ඝාතනය ලක් වූ ගොඩනැගිල්ලේ 3 වන මහලේ කළමනාකරු වශයෙන් කටයුතු කරයි.

අදාළ සැකකරුවන් දෙදෙනා අද (ජූනි 5) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 25 දෙනෙකු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර, පසුගිය 9 වන දා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 2,423 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 1069 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඊයේ (ජූනි 4) දිනයේදී මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

තව ද ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධියට අදාළව සැකකරුවන් සහ සැකකාරියන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

ඉල්ලීම් දෙනකන් දුම්රිය වැඩවර්ජනය දිගටම

Admin

“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !

colombotoday

දකුණු ලකේ සාහිත කලා සුරු විරුවන් පුදන කෝරළාභිමානී සම්මානයෙන් පිදුම් ලැබූ ලොව ප්‍රථම ප්‍රවෘත්ති නිවේදක භික්ෂූන් වහන්සේ !

colombotoday

“පාක්ෂිකයන් මහින්ද සමගයි.. මහින්ද එක්කර නොගත්තොත් ශ්‍රීලනිපයේ පරාජය නියතයි” දිලුම් අමුණුගම

colombotoday

“විකුණනවාට මම විරුද්ධයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න“ – වරාය ඇමති

colombotoday

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday