Colombo Today Local News

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

නිවාස 12ක් බිඳ ඒවායේ තිබූ වටිනා රන් භාණ්ඩ,මුදල් හා දේපොළ කොල්ල කෑ 43 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (03) පස්වරුවේ හබරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු හොරණ වැලිකැටැල්ල ප්‍රදේශයේ පදිංචි තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු වන අතර ඔහු විසින් දීර්ඝ කාලයක සිට නිවාස බිඳ මංකොල්ලකෑම් සිදු කර ඇත.

පොලිසිය පවසන ආකාරයට හොරණ පොලිස් බල ප්‍රදේශයේ පමණක් නිවාස 10ක් සහ අගුරුවාතොට හා මිල්ලනිය ප්‍රදේශවල නිවාස කොල්ල කා රුපියල් ලක්ෂ 13කට අධික රන් භාණ්ඩ මෙම සැකකරු විසින් කොල්ල කා ඇත.

මේ වනවිට පොලිසිය විසින් සැකකරු කොල්ල කෑ පරිගණක, රූපවාහිනි යන්ත්‍ර ආදි දේපොළ ද සොයාගෙන ඇති අතර ජුනි 24 වැනිදා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

colombotoday

සතොසේ බඩු මිල තව දුරටත් අඩු වෙයි

Admin

ජනපති සිරිසේන කිසිවක් නොදන්නවා සේ හැසිරෙද්දී දෙවන වරටත් ජිනීවාහිදී රට පාවා දෙයි..

colombotoday

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පනයක්

Admin

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

colombotoday

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඉස්ලාම් ආගමික පොත් සමග මුස්ලිම් ජාතිකයන් 4ක් වනාතවිල්ලුවෙන් අල්ලයි

colombotoday