Colombo Today Local News

චීනයෙන් ලැබුණු ඖෂධ තොගය කටුනායකදී භාර ගනී

චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා තවත් ඖෂධ සහ උපකරණ තොගයක් ඊයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ළඟා විය.

මෙම ඖෂධ තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙම ඖෂධ තොගය චීන රජය මෙන්ම එරට විවිධ බෞද්ධ සමිති සංවිධාන ඇතුළු නොයෙකුත් ප්‍රජා සංවිධාන විසින් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

එයට ප්‍රතිචාර දැක්වූ විවිධ රටවල් අප බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියෙන් අපට ඖෂධ ලබා දීමට ඉදිරිපත් වී ඇත.

ඒ අතරින් චීනය වඩාත් කැපී පෙනෙන ආකාරයට අධාර කිරීමට ඉදිරිපත් වී ඇත.

Related posts

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday

සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත්කර ඇතැයි වෛද්‍ය සුදත් සමරවීරට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

colombotoday

“රට ගොඬනගන්න තවත් එක් වතාවක් අපට දෙන්න” – රවී

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday