Colombo Today Local News

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : 19 හැවිරිදි තරුණයෙකු හා වඩු කාර්මිකයෙකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයෙකු ජූනි 1 වන දා වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සැකකරු 19 වන වියේ පසුවන අතර ඔහු, මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා ඝාතනයට ලක් වූ රෙදිපිළි අලෙවි සලේ ම සේවකයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරු නිට්ටඹුව, කුඹල්ඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (2)දින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරු පස්යාල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වඩු කාර්මිකයෙකු බව ඔහු සඳහන් කළේ ය.

සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකතන, ඝාතනය සිදුවන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

” අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇති වෙනවා… ජනතාව දැනුවත් කළ නිසා මාව ඉවත් කළා ” – හිටපු කෘෂි ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

රතන හිමි ජනතාව රැවට්ටුවා. වැක්සින් ගහන්නේ නෑ කියලා ඉස්සරවෙලාම ගිහින් ගහගත්තා.

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

කුමන බලපෑම් පැමිණිය ද මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදු කරනවා – ටිරාන් අලස්

Admin

නම ගිය කසිප්පු මුදලාලිට පොහොට්ටුවේ අපෙක්ෂකත්වය.. විරෝධය දක්වා ගම්වැසියන්ගෙන් පැමිණිළි

colombotoday

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

Admin