Colombo Today Sports News

IPL හොඳම 11 දෙනා නම් කරයි… සංචිතයට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නෑ

නිමාවූ ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව ක්‍රීඩා වෙබ් අඩවියක් විසින් තරගාවලියේ කණ්ඩායම නම් කර තිබේ.

එම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් වී තිබේ. ලියාම් ලිවින්ග්සන්, රෂිඩ් ඛාන්, ඇන්ඩ්‍රි රසල් සජ ජෝෂ් බට්ලර් එම ක්‍රීඩකයන් වේ.

කණ්ඩායමේ නායකත්වය අයි.පී.එල්. ශූරතාව දිනූ ගුජරාට් කණ්ඩායමේ නායක හර්දික් පාන්ඩයාට හිමිවී ඇත. කණ්ඩායමට ඇතුළත් වූ සෙසු ක්‍රීඩකයන් අතර පිතිකරුවන් ලෙසින් කේ.එල්. රාහුල් සහ රාහුල් ත්‍රීපති කටයුතු කරයි.

කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස දිනේෂ් කාර්තික් කටයුතු කරන අතර පන්දු යවන්නන් ලෙසින් යුස්වේන්ද්‍ර චහාල්, මොසින් ඛාන් සහ අර්ෂ්දිප් සිං කණ්ඩායමට ඇතුළත්ව තිබේ.

මේ අතර මෙම සංචිතයට එකදු ශ්‍රී ලාංකිකයෙකු ඇතුළත් නොමැතිවීමද විශේෂත්වයකි.

Related posts

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයි

colombotoday

ධනංජය ශ්‍රී ලංකාව සුපිරි ජයක් ගෙනෙයි

Admin

ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද

Admin

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක සටන අද

Admin

චාමිකට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් සමග සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වසරක් තහනම්.

Admin