Colombo Today Local News

වන රක්ෂිතවල කොස් කඩන්න වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

වනාන්තර වල වැවෙන කොස් සහ දෙල් ජනතාවට නෙළා ගැනීම සඳහා අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙන බව ද අමාත්‍යවරයා වන සංරක්ෂණ නිලධාරීන්ට පැවසා තිබේ.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර 3000 ක් පමණ දිවයින පුරා තිබෙන බවත් එම ඉඩම් වල හට ගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස් යට වැටී කුණුවී යන බවත් වන සංරක්ෂණ නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවට වාර්තා වෙයි.

Related posts

පෙම පිටු පෑ සිසුවියකට දහම් පාසලේ දී පිහියෙන් අනී

Admin

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

බංග්ලාදේශය සියලුදෙනා දැවී ලකුණු 178

Admin

අරලියගහ මන්දිරය තුලදී ගෝඨභය, මහින්ද ඝාතන සැලසුමක් නූලෙන් මිස්සෙයි.

colombotoday

විස්තර දුන්නේ රාජිත සේනාරත්න. මුදල් දුන්නේ හිටපු SPC සභාපති රූමි. සුදුවෑන් කතාවේ දෙදෙනා සියල්ල වමාරති.

colombotoday