Colombo Today Local News

ගෙවුණු මාස 5 තුළ මෙරටින් HIV ආසාදිතයන් 13ක්

මෙම වසරේ ගත වූ මාස පහ තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී. ආසාදිත වූවන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි ලිංගික සෞඛ්‍ය සේවා පිළිබඳ අනුරාධපුර මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් සඳහන් කරයි.

අනාරක්ෂිත ලිංගික සබඳතා මීට ප්‍රධානතම හේතුව වී තිබෙන බව ඇය අවධාරණය කර සිටී. කහටගස්දිගිලිය, තඹුත්තේගම, හොරොව්පතාන, මධ්‍යම නුවරගම් පළාත හා මැදවච්චිය යන ප්‍රදේශවලින් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීමේ ප්‍රවණතාවක් පවතී.

පසුගිය වසරවල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව හා සසඳා බැලීමේ දී 2022 වසරේ මුල් මාස 5 තුළ 13 දෙනකු වාර්තා වීම ආසාදිත සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළ යෑමකි.

අනුරාධපුරයෙන් පළමු වරට HIV ආදිතයකු හමු වී ඇත්තේ මීට වසර 20කට පමණ පෙරය.

එදා මෙදා තුර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති සමස්ත HIV ආසාදිතයන් සංඛ්‍යාව 94 කි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ වර්ෂය ලෙස 2020 වසරේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 15කි.

මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 10% ක් මරණයට පත්ව තිබේ.

Related posts

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

colombotoday

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

colombotoday

පාලන මිල ඉක්මවා හාල් වික්ක කොළඹ මුදලාලිලා 77කට දඩ

colombotoday

සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි

colombotoday