Colombo Today Local News

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය.

ආගමික වතාවත්වලින් අනතුරුව රාජකාරී ආරම්භ කළ නව යුද හමුදාපතිවරයාට සම්මාන මුරයක් ද පිරිනැමී ය.

යුද හමුදාධිපති ධූරයට පත්වීම ලබන විට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි කළ නව යුද හමුදාධිපතිවරයා ඊයේ (31)දින ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් යුද හමුදාපති ධූරයේ පත්වීම් ලිපිය භාරගත්තේ ය.

විකුම් ලියනගේ මහතා 1986 වසරේ ඔක්තෝබර් 27 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූයේ, කැඩෙට් නිලධාරියෙකු ලෙසයි.

Related posts

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

යුක්රේනයෙන් ගෙන් වූ කුණු කන්ටේනර් ගැන විද්‍යාත්මක පරීක්ෂණයක්

colombotoday

පොලිස් ලොක්කෝ අගමැති හමුවෙති !

colombotoday

උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව මෙන්න

colombotoday

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

හෙරොයින් ග්‍රෑම් 20ක් සමගින් කංජිපානිගේ ගෝලයා මොහොමඩ් අජීම් අත්අඩංගුවට

colombotoday