Colombo Today Local News

දින 08කට පසු ගෑස් සිලින්ඩර් 50,000 ක් අද වෙළෙඳපොළට..

දින 08කට පසුව අද (31) දිනයේ ගෑස් වෙළෙඳපොළ ට නිකුත් කිරීමට නියමිතව තිබේ.

අද දිනයේ සිට ලබන සිකුරාදා දක්වා දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

නියමිතව තිබූ දිනට ගෑස් නෞකාව නොපැමිණීම හේතුවෙන් පසුගිය අඟහරුවාදා දිනයේ සිට ගෑස් බෙදාහැරීමේ කටයුතු ලිට්‍රෝ සමාගම විසින් නතර කරනු ලැබුවා.

ඊයේ දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,950ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි අතර එය ගොඩබෑමේ කටයුතු පස්වරුවේම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේ සිට ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන අතර දෛනිකව නිකුත් කරනු ලබන ගෑස්වලින් සියයට 30ක ප්‍රමාණයක් හෝ ගෑස් සිලින්ඩර් 30,000ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදාහැරීමට නියමිතය බව ද වාර්තා වේ.

Related posts

හිස්බුල්ලා තවත් බලවත් වෙයි… ජනපතිගෙන් අලුත් තනතුරක් !!

colombotoday

ගම් දෙකක ගුටි කෙළියක්… 23ක් රිමාන්ඩ්

Admin

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

නීතිපතිට බාලගිරි දොස වැළදේ ! සම්බුදු හිමියන්ට අපහාස කිරීමේ නඩුවට උසාවිය ඉල්ලූ උපදෙස් තාම නෑ

colombotoday

අනියම් මිනීමැරීමේ චෝදනා යටතේ ලිට්‍රෝ සභාපති ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

සතුරාට නියත මරණය ගෙන එන්නෝ – ශ්‍රීලංකා යුධ හමුදා විශේෂ බළකාය (SF)

colombotoday