Colombo Today Local News

දුම්රියේ වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු 30 %කින් ඉහළට

දුම්රිය වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු ලබන පළමු වැනිදා සිට ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන පළමු වැනිදා සිට දුම්රිය වෙන් කළ අසුන් සඳහා වන ගාස්තුව 30 %කින් ඉහළ දමන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

දුම්රිය පාඩුව අවම කර ගැනීම සඳහා එම මිල ගණන් ඉහළ දැමීමට සිදුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

දෛනිකව ඉන්ධන සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැපියල් මිලියන 40ක් පමණ වැය කිරීමට සිදුවුව ද දෛනික ආදායම රැපියල් මිලියන 15ක් පමණ බව ද ඔහු සදහන් කරයි.

ඉන්ධනවලට අමතරව අනෙකුත් කාර්ය සඳහා ද දෛනිකව මිලියන 30 ක් වැය වන බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, දුම්රිය ටිකට් පතක මිල බස් ගාස්තුවෙන් 25% ක් ප්‍රමාණයක් බවයි.

Related posts

කුරුණෑගල නගරාධිපති සමග කේක් කැපූ පිරිස නිරෝධායනයට

colombotoday

පොර්ට් සිටි පනතට එරෙහිව “සිරසෙන් වොයිස් කට්” මෙහෙයුමක්. | සිවිල් සංවිධාන ක්‍රියාකරුවන්ට ඇමතුම්.

colombotoday

ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි දැරිවියක් ජීවිතක්ෂයට

colombotoday

කන්ටේනර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

කොළඹ අපරාධ කොට්ඨාසය බන්ධනාගාරයට එයි. පාඨලීගේ අනතුර ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday