Colombo Today Sports News

2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

සිය කුළුඳුල් අයි.පී.එල් සහභාගීත්වයේදීම සුපිරි සටහනක් තැබූ ගුජරාජ් ටයිටන්ස් කණ්ඩායම, ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඊයේ (29වැනිදා) පැවැති එම අවසන් මහා තරගයේදී ශූරයන් බවට පත්විය. ඒ කුමාර සංගක්කාර පුහුණුකාරීත්වය දැරූ රාජසතාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු7කින් පරදවමිනි.

මෙහිදී කාසිියේ වාසිය දිනූ රාජස්තාන් කණ්ඩායම පළමුවෙන් පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 130කට සීමා වූ අතර ගුජරාට් පන්දු 11ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරන ලදි.

ටයිටන්ස් ඉනිමේ මුල් පන්දුවාර 8 වනවිටද ඔවුහු කඩුලු 2ක් දැවී ලකුණු 38ක් ලබා සිටි නමුත් ඉන් අනතුරුවපිටියේ ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ හාර්දික් පාන්ඩ්‍ය සහ ශුබ්මන් ගිල් පිලිවෙලින් ලකුණු 34ක් සහ ලකුණු 45ක් රැස් කරමින් ජයග්‍රහණය පඳහා අඩිතාලම දැමූහ.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 14කට එක් කඩුල්ලක් බිඳ හෙළීය.
ඊ‍යේ පළමුවෙන් පිටියට පිවිසි රාජස්තාන් ආරම්භක පිතිකරුවන් වූ යසස්වී ජයිස්වාල් සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට අයත් දම් හිස් වැස්ම හිමි ජෝෂ් බට්ලර්ගේ සබඳතාව ලකුණු 31කට සීමා විය. ඒ ගුජරාට් කණ්ඩායමේ යෂ් දයාල්ගේ පන්දුවට ජයිස්වාල් දැවී යාමත් සමගිනි. ඉන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 30ක් එක්වන විට රාජස්තාන් නායක සංජු සැම්සන් ලකුණු 14කට දැවී ගියේ ගුජරාට් නායක හර්දීක් පන්ද්‍යාගේ පන්දුවකට සායි කිෂෝර්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

තරගයේ 12 වැනි පන්දුවාරය වනවිට රාජස්තාන් කණ්ඩායමේ මුල් කඩුලු 4ම දැවී ගිය අතර ඒ අතරට රාජස්තාන් ප්‍රබල පිතිකරුවකු වන ජෝෂ් බට්ලර්ද ලකුණු 39කට දැවී ගියේය. ඒ අනුව ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ තරගාවලියක් අවසන් කළ දෙවැනි වැඩිම ලකුණු ලාභී පිතිකරුවා ලෙසින් (861) ලකුණු වාර්තා පොත් අතරට එක්වන්නට බට්ලර් සමත් විය.

ඉන් අනතුරුව පිටියේ එක්වූ එකදු හෝ රාජස්තාන් ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාව ඉක්මවන්නට ගුජරාට් පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. ඒ අනුව රාජස්තාන් ඉනිමට නියමිත පන්දුවාර 20 අවසන් වනවිට කඩුලු 9ක් දැවී ලකුණු 130කට සීමා විය. නායකත්ව වගකීම මනාව ඉටු කළ හර්දීක් පාණ්ඩ්‍යා සිය පන්දුවාර 4දී ලකුණු 17කට කඩුලු 3ක් බිඳ හෙළීය.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමි සම්මානය ජෝෂ් බට්ලර්ට හිමිවූ අතර වැඩිම කඩුලු ලාභියාට හිමි සම්මානය”කඩුලු 26ක් ලබා සිටි වනිදු හසරංගව දෙවැනි තැනට දැමූ යුස්වේන්ද්‍ර චහාල්ට(කඩුලු 27)ට හිමිවිය.

Related posts

ශ්‍රී ලංකාව තුල ලකුණු 300 ක් හඹා ගොස් ජයගත් ප්‍රථම කණ්ඩායම බවට සිම්බාබ්වේ පත්වෙයි

colombotoday

පාකිස්තානයට යෑමට නියමිත ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්

colombotoday

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Admin

ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය පෙරමුණට

colombotoday

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා

colombotoday