Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග ගැන අගමැති වහාම ලේඛනයක් ඉල්ලයි

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන්නැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන විසඳුම් පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

මේ අතර දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33 ක හිඟ මුදල් ගෙවීමට ඇති බව ත් මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් පවතින බව ත් අනාවරණය වී ඇත.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසා ඇත්තේ, ප්‍රංශ රජය හෙට දිනයේ ආධාර ලෙස ලබාදීමට නියමිත බැවින් එම ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගය ලැබීමෙන් පසු සියලුම හදිසි ශල්‍යාගාර ඒකක දින 90ක කාලයක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බවයි.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය කඩිනමින් ඖෂධ මිල දි ගැනිමේ වියදම් සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් ද මෙහිදී පත් කර තිබේ.

මේ සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල් , අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්, සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

Related posts

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් සෙවීමේ නව උපකරණයක්

colombotoday

මාණික්කමඩු විහාරයට නැවතත් “සංහිදියාව” හරස් වෙයි.. ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් !

colombotoday

“අද හෙට විශ්වාසභංගය පරාජය කරන්න කොළඹ ඉන්න” | ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි.

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කරන්න ගිය උලමෙක් මාට්ටු

colombotoday

මුස්ලිම් නීති සහමුලින්ම අහෝසි කරන්න. 69 ලක්ෂය ගොනාට අන්දන්න හදන්න එපා. – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාව ගැන සුදත්ත හිමියෝ කියති.

colombotoday