Uncategorized

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට උසස් වීමක් – නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් පසු නිත්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය.

මේ අතර නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජූනි මස 01 වැනිදා සිට නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන එයි

Admin

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – පළමු කොටස

colombotoday

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

සතියේ ලග්න පලාඵල, ඔක්තෝබර් 12 සිට 19 දක්වා

colombotoday

හම්බන්තොට වරාය, මත්තල, ශ්‍රී ලංකන් ගන්න විදෙස් සමාගම් 19ක් එයි

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin