Colombo Today Local News

දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මරුට

මහියංගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හබරවැව කිරිමැඩිල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පියා සහ වයස 10 හා 15 වියේ පසුවූ පුතුන් දෙදෙනාය.

ඊයේ සවස ඔවුන් දියනෑමට ගොස් යළි රාත්‍රී වන තුරුත් නොපැමිණීම නිසා සොයා බැලීමේදී මෙසේ මියගොස් ඇති බව හෙළිවී ඇත.

මළ සිරුරු පශ්චාත් පරීක්ෂණ සඳහා මහියංගනය රෝහලට රැගෙන ගොස් තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ගිය අවුරුදු හතරේ ජනතාවට කිසිවක් නොකළ එජාපයට කළ හැකි එකම දේ අපට මඩ ගැසීම පමණයි

colombotoday

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

රිය අනතුරකින් මවක සහ දියණියක මරුට

colombotoday

තලාවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස්කරන ස්ථානයක් STF වටලයි

colombotoday

“කෝටි 7ක BMW 7 Series එකක් දෙන්න බැරිනම්, කෝටි 4 බෙන්ස් එකක්වත් මට ඕන” – ෆොන්සේකා

colombotoday