Colombo Today Local News

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අරුණි විජේවර්ධන

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට අරුණි විජේවර්ධන මහත්මිය පත්කර තිබේ.

ඇය වසර 34 ක් ශ්‍රී ලංකා විදේශ සේවයේ කටයුතු කළ සාමාජිකාවකි.

ඇය කලක් ඔස්ට්‍රියාවේ තානාපතිනිය සහ වියානාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානවල නිත්‍ය නියෝජිතවරිය වශයෙන් ද සේවය කර ඇත.

එමෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ, මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යනාදී විදේශ රටවල පිහිටි දූත මණ්ඩලවල ද ඇය සේවය කර තිබේ.

එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත් ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි ලබා ගෙන තිබේ.

Related posts

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති මෝදිට දුරකථනයෙන් අමතයි…

colombotoday

සිවුරු තොගයක් සමග මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

Admin

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

Admin

හදිසි අනතුරක්.. නාමල් රෝහල්ගත කරයි

colombotoday

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි

colombotoday