ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් සදහා විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
තවද සියලුම ගිලන් රථවලට අවශ්‍ය ඉන්ධන සදහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බවද අදාල ට්විටර් පණිවුඩය හරහා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව රෝහල්වල විදුලිජනන යන්ත්‍ර සහ ගිලන් රථ සදහා ඉන්ධන අවශ්‍යතා සුපුරුදු පරිදි ලබාදෙන බවද එම නිවේදනය සදහන් වෙයි.