Colombo Today Local News

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

පසුගිය 9 වන දා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී දිවුලපිටියේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයකට පහර දී ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එම කාන්තාව මෙම සිද්ධියේ මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවට අදාළ සිදුවීම් සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ දර්ශන සහ ඡායාරූපවලින් නිරීක්ෂණය වී ඇති බව ය.

සැකකාරිය සැඟව සිටින බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලිසිය පැවසීය.

අදාළ කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක අමතා දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

අවම බස් ගාස්තුව රු.34 දක්වා පහළට

colombotoday

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

colombotoday

හරක් කටා රක්ෂිත බන්ධනාගාරයට

Admin

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

මහජන අදහස් විමසීමට එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ වැඩසටහනක් වවුනියාවේදී

colombotoday