ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීම සම්බන්ධයෙන් තමාගේ පුද්ගලිකව කැමැත්තක් නොමැති බවත්, තමා ඊට විරුද්ධ බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
එසේ වුවද පක්ෂයේ ප්‍රතිපත්තිවලට හිස නමා තමන් ඊට එකඟවන බව අමාත්‍යවරයා කියා සිටියේ අද(02)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
ෆොන්සේකා මහතා ඉකුත් මැතිවරණයෙන් පරාජයට පත්වූ හෙයින් එවන් පරාජිත අයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමේදී ජනයාගේ පරමාධිපත්‍ය හෑල්ලුවට ලක්වන බව ඔහු සඳහන් කළේය.