Colombo Today Local News

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා පනින්න ගිය 19ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධීව ධීවර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 19 දෙනෙකු කලවංචිකුඩි හා පානම අතර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සහ 12 හැවිරිදි පිරිමි ළමයෙකු ද වන බවය.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 12ත් 45ත් අතර පසුවන උප්පුවේලි,යාපනය,වව්නියාව,මඩකලපුව,ත්‍රිකුණාමළය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ත්‍රිකුණාමලය තිස්ස කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ත්‍රිකුණාමලය වරාය පොලීසියට භාර දී තිබේ.

ඔවුන් අද (20)දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පුද්ගලයෙකුව වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

රට රැකි ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලා නිහඬ විරෝධතාවයක

colombotoday

‘මහින්ද ආය බලයට එනකොට මුළු රටම බංකොලොත්‘ – ඇමති මලික් කියයි

colombotoday

‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයි

colombotoday

වර්ජණ කළොත් වැඩ වරදී.. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ජනපති ගැසට් කරයි !

colombotoday

සංචාරය නිමකර ජනපති එයි

Admin