Colombo Today Local News

මන්ත්‍රීවරුන්ට පොලිස් පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් ඉන්ධන නිකුත් කිරීම අද උදෑසන සිට අත්හිටවූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ එම ඉන්ධන පිරවුම්හලෙන් අඩු මිලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබා දෙන බවට පළ වූ වාර්තා හේතුවෙනි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ, තෙල් සංස්ථාව කිසිදු ඉන්ධන පිරවුම්හලකට අඩු මිලක් යටතේ හෝ වෙනත් මිලක් යටතේ ඉන්ධන ලබාදීමක් සිදු නොකරන බවයි.

“එහෙම අලාබ ලබලා විකුණනවා කියලා අපිට කිසිසේත්ම හිතන්නත් බෑ. කතානායකතුමා පොලිස්පතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව පොලිස් ගරාජයෙන් යම් යම් ආයතනවලට ඉන්ධන ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. හැබැයි දැන් අපි ඒකත් නතර කළා.”

නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා ඉන්ධන ලබාදීමට ඊයේ කතානායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

Related posts

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday

ජනාධිපතිවරණයට වැඩිම අපේක්‍ෂකයෝ මෙවර !

colombotoday

එකම නිවසේ දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

Admin

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin

විපක්ෂ නායක සම්බන්ධන්ට එරෙහිව ඒකාබද්ධය සටනට

colombotoday