Colombo Today Local News

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය දේපළවලට හානි කිරීම ගැන අද(18)දින පාර්ලිමේන්තුවේදී කතා කළ අවස්ථාවේ වරින් වර හඬා වැටෙනු දැකගත හැකිවිය.

තමාට දැන් ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණක් බවද ඔහු මෙහිදී පැවසුවේය.

ලංසා මහතා මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම හානිය සිදුවුයේ තමාට බවත් සිද්ධිය ගැන තමා වන්දි නොව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

එම සිද්ධීන්වලට සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නැති බව පැවසූ නිමල් ලන්සා මහතා මීට සම්බන්ධ කණ්ඩායම ඉදිරියේදී හෙළි කරන බවද ප්‍රකාශ කළේය.

පියාගෙන් සීයාගෙන් ලැබුණු දේවල් මෙන්ම තමා හරි හම්බ කළ දේවල්ද මේ අයගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නැතිවූ නමුත් ඒ සම්බන්ධයෙන් හිත හදාගෙන සිටින බවත් මෙවැනි දේවල් ඉදිරියටත් සිදු වුවහොත් රට නැතිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

තමාට උදව් කිරීමට බොහෝ හිතවතුන් ඉදිරිපත්ව සිටින බව පැවසූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ හෝටල් හිමියකු තමාට ඔහුගේ හෝටලයක නවතින ලෙසට ආරාධනා කළ බවද සඳහන් කළේය.

ලොකු ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක එකිනෙකා මරා ගත්තොත් රට නැතිවන බව ඔහු වැඩිදුරටත් කීවේය.

Related posts

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

වාරියපොල බන්ධනාගාරයට ගංජා යැවීමට තැත්කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසම ට

colombotoday

සිරකරුවෝ කන්න නැති බව අඟවති. | වැලිකඩ වහලය උඩ දර්ශන

colombotoday

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හකීම් ඇතුළු යහපාලන කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් මෙවර කියයි.

colombotoday