Colombo Today Local News

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසමට කැදවයි

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද(12)දින මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

එම කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කරන්නේ, අද පස්වරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, ඔවුන්ට දැනුම්දී ඇති බවයි.

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය 9 වැනිදා විරෝධතාකරුවන්ට පහරදීමට යොදාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔවුන් කැඳවා තිබේ.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට හෙට දින මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර ඇත.

එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය පවසන්නේ, ඊයේ දින මානව හිමිකම් කොමිසම හමුවේ පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා ඉදිරිපත් කළ කරුණු මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම පසුගිය දිනවල රට තුළ සිදුවූ ගැටුම්කාරි තත්ත්වයන් සම්බන්ධ‍යෙන් බුද්ධි අංශ ක්‍රියාත්මකවීමේ අඩුපාඩුවක් පැවති බවට සිය කොමිසම නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඊයේ(11) දින සඳහන් කළේ ය.

Related posts

යහපාලන ආණ්ඩුව රුසියාවත් කෝප ගන්වා ගනී… ආණ්ඩුවට එරෙහි මෙහෙයුමක් ගැන මංගලගෙන් රුසියාවට චෝදනා

colombotoday

කැළණි ගග තවත් සැර වෙයි.. කිසිදු සහන සේවාවක් නොළැබුණු මහ පිරිසක් අනතුරේ

colombotoday

අද සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වෙයි

colombotoday

හුදකලා කර තිබූ වැලිඔය වතුයායේ පිරිසක් උද්ඝෝෂනයක

colombotoday

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ ආයෙත් වහලට නගිති

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ… : බන්ධනාගාර ගත රැඳවියන් 10ක් මෙවර පෙනී සිටී.

Admin