World

එ.ජා. මහ ලේකම් බැන් කී මූන් ත්‍රස්තවාදයට අනුබල දෙනවා – ඊශ්‍රායලයෙන් චෝදනා

banki moon

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ත්‍රස්තවාදය දිරිගන්වන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු චෝදනා නගයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, ඊශ්‍රායල පලස්තීන ප්‍රචණ්ඩත්වය පිළිබඳව බැන් කී මූන් මහතා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් පළ කළ අදහස් හේතුවෙනි.

බැන් කී මූන් මහතා සඳහන් කළේ, නිරන්තරයෙන් හුදෙකලාබවින් සහ අපේක්ෂා භංගත්වයෙන් පෙළීම පලස්තීනුවන් එම ප්‍රහාර එල්ල කිරීමට හේතු වූ බව ය.

අකර්මන්‍ය වූ සාම ක්‍රියාවලිය හා අඩ සියවසක කාලයක් පීඩනයට පත්ව සිටීම හමුවේ පලස්තීනුවන් එලෙස ප්‍රචණ්ඩ අයුරින් හැසිරීම මිනිස් ස්වභාවය බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

එහිදී පලස්තීනුවන් ඊශ්‍රායල ජාතිකයින්ට මෑතකදී එල්ල කළ පිහි ප්‍රහාර පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අදහස් පළ කළේ ය.

Related posts

ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වෙයි (වීඩියෝ)

colombotoday

බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් 1000කට අධික ගණනක් කොවිඩ් බිලි ගනී

colombotoday

උරුම වනසන තලිබාන්වරු

Admin

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයට චීනයෙන් ඔත්තු බලන බැලුනයක්

Admin

ඉතාලියේ භූ කම්පනයක්

Admin