Colombo Today Local News

සජිත් නාවොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්,අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී අද (07)දහවල් රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ස්සී බව එහිදී ප්‍රකාශ වී ඇත.

පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වේ.

නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර,ලසන්ත අලගියවන්න ,දුමින්ද දිසානායක,උදය ගම්මන්පිල,මහාචාර්ය තිස්ස විතාරණ ජයන්ත සමරවීර, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ,ආචාර්ය විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Related posts

අවුරුදු හතරක දැරියට පහරදුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

Admin

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday

අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ඉවත් වෙන්නේ නෑ…

colombotoday

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

colombotoday

කරණමෙන් හැරුණු කරුණා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර 13 සම්පූර්ණයෙන් ඉල්ලයි.

colombotoday

මිනීමරුවන්,කප්පම්කරුවන් කියන පලියට මං අස්‌වෙන්නේ නෑ – විජයදාස

colombotoday