Colombo Today Local News

අයි.ඕ.සි ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහලට

අයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල (06) දින රාත්‍රියේ සිට සැම ලිහිසි තෙල් ලිටරයකම මිල රු 140 කින් ඉහල දමා ඇත.

සැම ලිහිසි තෙල් ලිටරයක්ම (06) දින රු 860 කට අලෙවි කර ඇති අතර , නව මිල අනුව සැම ලිහිසි තෙල් ලිටරයක්ම රු දහසකට අලෙවි කරනු ලබයි.
අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල සිමාවකින් තොරව ඉන්ධන නිකුත් කරන අතර, හැටන් ඉන්ධන පිරවුම්හලට ඩිසල් තොග නොලැබුණු බවත්,පෙට්‍රල් ඉන්ධන අවශ්‍ය තරම් ඇති බවයි ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල දැවි තෙල් මිල ඉහල දමා නොමැති අතර,සිපෙට්කෝ පාලන අධිකාරිය විසින් (06) දින ලබාදුන් උපදෙස් අනුව පෙට්‍රල් ඉන්ධන පාරිභෝගිකයන්ට නිකුත් කරන බවත්, මිල වැඩි විමත් සමග පාරිභෝගිකයන් එම උපරිම මිලට ඉන්ධන මිල දි නොගන්නා බවයි හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ (07) දින ඩිසල් ලබා ගැනිමට වාහන කිහිපයක් එම ඉන්ධන පිරවුම්හල අසල ගාල් කර තිබුණද එම ඉන්ධන පිරවුම්හලට මෙතෙක් ඩිසල් ඉන්ධන තොග නොලැබුණු බවයි ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියා සිටියේ.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

colombotoday

වැල්ලම්පිටියේ සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ක් වටලයි

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin

මුස්ලිම් ජනතාවගෙ හරසර මැද ඥානසාර හිමි කාන්තන්කුඩියට – එක රටක්, එක නීතියක් බලකායට ඉහල ප්‍රතිචාරයක්

colombotoday

බිලියනයක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ශ්‍රීලනිප මහ ලේකම්ට එරෙහිව ජනිපෙ අල්ලස් කොමිසමට යයි

colombotoday