කාන්තාවකගේ අතුරුදන් වූ මංගල මුදුව මාස 14 ක් වයසැති ඇයගේ දරුවාගේ උදරයේ තිබෙන බව X-ray තාක්ෂණයෙන් සොයා දෙන්නට ඇමරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.
මෙම මුදුව එම දරුවාගේ බඩවැලක රැඳී තිබෙන බව අදාළ වෛද්‍යවරුන් X-ray මගින් සනාථ
කර ඇත්තේ පැය අටක කාලයක් තුළ කරන ලද පරීක්ෂණයකින් අනතුරුව බවද එම වාර්තාව සඳහන් කරනවා.
වෛද්‍යවරුන් දරුවා රෝහලෙන් යවමින් දෙමාපියන් දැනුවත් කර ඇත්තේ සති දෙකක කාලයක් ඇතුළත ස්වභාවික අන්දමින් මුදුව පිටවීමට ඉඩ ඇති බවත් එම කාලය ඇතුළත එය සිදු නොවුනහොත් පමණක් ශල්‍යකර්මයක් මගින් එම මුදුව ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි.