ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කරන රවීන් වික්රමරත්න මහතා LPL තරගාවලියේ අධ්යක්ෂ තනතුරින් ඉවත්වී තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ඇති බවයි.
වික්රමරත්න මහතාගේ ඉවත්වීමත් සමඟ LPL තරගාවලියේ නව අධ්යක්ෂවරයා ලෙස ශ්රී ලංකා ක්රිකට් වර්තමාන තරග සංවිධායක කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන සමන්ත දොඩන්වෙල මහතා පත්කර ඇත.