දේශීය ආයතන විසින් මත්පැන් මිල නැවතත් ඉහළ දමා තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් කෑන් එකක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙන බවට වාර්තා වේ.
සුරාබදු දෙපාර්තමේන්තුව එම ආයතනය වෙත දැනුම් දී ඇත්තේ සංශෝධිත මිල නිවේදනය වහාම මත්පැන් අලෙවිසැල් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
සංශෝධිත මිල ගණන් නොමැතිවීම නිසා අලෙවිසැල් ඉහළ මිල ගණන් යටතේ මත්පැන් අලෙවි කිරීම සිදු කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.