නව විදුලි සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය මීටර ඇතුළු උපකරණ රැසක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොමැති වීම නිසා නව සැපයුම් ලබාදීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි වාර්තාවේ.
පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට නව සැපයුම් සඳහා මුදල් ගෙවා මාස කීපයක් ගතවී තිබුණ ද සැපයුම ලැබී නොමැති බවත් මෙම තත්වයෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ජනතාව පවසයි.