Colombo Today Local News

අනුරගේ “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව”

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රී දක්වා සිදු කළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් ‘ෆයිල්’ විශාල ප්‍රමාණයක් අද (මැයි 3) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කිරීමට නියමිත ව ඇත.

පෙරවරු 10.00ට පදනම් ආයතනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කමිටු සාමාජික හා දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන අය මෙන්ම නීතිඥවරුන් කිහිපදෙනෙක් ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

මීට ඉඟි පළ කරමින් ජවිපෙ නායකයාගේ ඇතුළු පක්ෂ සාමාජිකයන්ගේ නිල ෆේස්බුක් ගිණුම්වල, “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව” යනුවෙන් පෝස්ටුවක් ද පළ කොට තිබුණි.

ඒ අනුව, රටේ මහජන ධනය මහා පරිමාණයෙන් කොල්ල කෑ දේශපාලනඥයන්ගේ, ඊට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ රැසක් අද දින මාධ්‍යට හෙළිදරව් වනු ඇති.

Related posts

‘හොරු අල්ලන්න‘ ඇවිත් ලොකුවටම හොරකම් කළ යහපාලන ඇමතිලාට නඩු !

colombotoday

පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් ගැන නිවේදනයක්

Admin

13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවේ

Admin

මෙරට දුෂිතම ගඟ කැළණි ගඟ බවට අනාවරණයක්

colombotoday

රහස් ප්‍රදේශයක රන් බිස්කට් සඟවා ගෙන ආ උස්මාන් කටුනායක දී කොටු

colombotoday

කුරුණෑගල නගරාධිපති නඩු කියන්න නගර සභාවෙන් සල්ලි ඉල්ලයි

colombotoday