Uncategorized

“නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා”

නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් අතර අද (29)දින පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව ඇතිවූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (29)දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

“භික්ෂූන් දරුවන්ව ලිංගික අපයෝජනට ලක්කරනවා. මේ රටෙි වැඩියෙන්ම සැප විඳින්නෙ හාමුදුරුවරු” – රංජන් රාමනායක සංඝරත්නයට අපහාස කරයි

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

Fall’s biggest fitness trend would make rocky proud

colombotoday

එළඹෙමින් පවතින්නේ ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් – ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

colombotoday

රාජ්‍ය වෙසක් උත්සවයේදී ඥානසාර හිමි නිදහස් කරන්නයැයි, භික්ෂූන් වහන්සේලා ජනපතිගෙන් ඉල්ලති.

colombotoday

පාස්කු ප්‍රහාරය නිසා 2289ක් අත්අඩංගුවට… 1655ක් ඇප මත නිදහස් !!

colombotoday