Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපන්නේ නැහැ… – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් රාජ්‍ය ආයතනවල වියදම් කප්පාදු කිරීමට පියවර ගන්නැයි උපදෙස් දුන් බවයි.

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට ඊයේ නිකුත් කෙරිණ.

මේ අනුව ආරම්භ කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති තාවකාලිකව අත්හිටු විය යුතු බවට දැනුම් දී ති‍බේ.

එමෙන්ම මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීම, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත ලබා දෙනු ලබන ණය පහසුකම් මේ වසර අවසන් වන තෙක් අත්හිටුවීම, හා සියලු සුබසාධන හා සහනාධාර වැඩසටහන් අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු අඩු ආදායම්ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කිරීම, වැනි කරුණු ක්‍රියාත්මක කිරීම ද මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබාදී තිබේ.

නව චක්‍රලේඛයට අනුව නිල වාහන භාවිතයේදී එක් වාහනයක් පමණක් නිශ්චිත ඉන්ධන සීමාව තුළ භාවිත කිරීමට වගබලා ගැනීම, භාණ්ඩ මිලදී ගැනීම් කල් තැබීමට කටයුතු කිරීම රාජ්‍ය ආයතන අතර සන්නිවේදන කටයුතු සඳහා හැකිතාක් විද්‍යුත් ක්‍රමවේද භාවිත කිරීම, ලිපි ද්‍රව්‍ය භාවිතය හා මුද්‍රණ කටයුතු සඳහා වන පිරිවැය අවම කර ගැනීම ද සිදු කළ යුතුයි.

සත්‍ය වශයෙන්ම සේවයේ නිරතවී සිටින බව තහවුරු කරගැනීමෙන් තොරව සිදුකරනු ලබන සියලු අතිකාල දීමනා ගෙවීම අත්හිටුවීම, විවිධ අයුරින් ලබා ගන්නා අතිකාල දීමනාවන්හි එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ද එම චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ නොමැති කිසිදු දීමනාවක් සුබසාධන වැඩසටහන් සංවර්ධන සහායන් හෝ සහනාධාර ලබාදීම නතර කළ යුතු බව ද එහි දැක්වේ.

මීට අමතරව විවිධ චක්‍රලේඛ මගින් මේ වන විටත් හඳුන්වා දී ඇති ඉන්ධන, සන්නිවේදන දීමනා, ජල හා විදුලිබල වියදම් ආදි සීමා කිරීම් මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් හා කුලියට ගැනීම වැළැක්වීම, දේශීය අරමුදල් මගින් සිදුකරන විදේශ අධ්‍යයන චාරිකා සහ පුහුණුවීම් නැවැත්වීම ආදිය ද නව චක්‍රලේඛය මගින් තවදුරටත් බලාත්මක කර තිබේ.

Related posts

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

රණවිරුවන් යුද අධිකරණයට ගෙනයන්න හදන වන්දිභට්ටයිනි මෙය කියවනු !

colombotoday

රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක් කාන්තාවන්

colombotoday

අධිවේගයේ මගඩියක්.. එජාප, ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට්ටුවේ ඇරගනී.. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන බව කියයි

colombotoday

මුස්ලිම් දේශපාලන නායෝකයෝ ඉතා සතුටු මුහුණින් ආදාහනයට එරෙහි විරෝධතාවයක. Photos

colombotoday