Colombo Today Local News

අරගලයට සහයෝගය දෙන බව මැලිබන් සමාගම පවසයි.

මැලිබන් සමාගම විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත…

ශ්‍රී ලංකාව පෙර නොවූවිරූ අයුරින් දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින මේ මොහොතේ, වසර 70 කට අධික කාලයක් යහගුණයෙන් පන්නරය ලැබූ සැබෑම ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් ලෙස මැලිබන්, කාලීන වූ අස්ථාවර ආර්ථික තත්ත්වයන් නිසා මුළුමහත් ශ්‍රී ලාංකිකයන් අත්විඳිමින් සිටින අප්‍රමාණ වූ දුෂ්කරතාවන් සම්බන්ධයෙන් ඉමහත් කම්පාවට පත්වී සිටින්නෙමු.

අන්‍යෝන්‍ය වටිනාකම් අගයමින්, ඉතාමත් සාමකාමී පිළිවෙතක් අනුගමනය කරමින්, මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව එක්රැස් කර ගනිමින්, දැයේ හෙට දිනය බලාපොරොත්තුව වන අභිමානවත් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ මේ ප්‍රශංසනීය ප්‍රයත්නය, 100% දේශීය ආයතනයක් වන මැලිබන් විසින් නිහතමානීව අගයන්නෙමු. මෙම එක්සිත්ව නැගී සිටීම අවිනිශ්චිත හෙට දිනය පිලිබඳ නව බලාපොරොත්තු දල්වමින් පවතී.

අතීතයේදී දුෂ්කරතා හා අභියෝග රැසක් මතින් නැඟීසිටි දේශයක් වශයෙන්, මේ ආර්ථික අවිනිශ්චිතතාවන් තුළින් මතු වූ අභියෝග ද ජයගැනීමට අපට හැකිවනු ඇති බව අප විශ්වාසයි. ඒ අනුව, රටේ දියුණුව හා ආර්ථික ස්ථාවරත්වය නැවත ඇතිකිරීම සඳහා, හැකියාවන් මත පදනම් වූ දේශපාලන හා සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දියත් කර තිබෙන්නා වූ සාමකාමී හා ගෞවරණීය සමාජ ව්‍යාපාරයන්ට මැලිබන් සමාගමේ ප්‍රශංසාව සහ සහයෝගය හිමි වේ.

Related posts

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

colombotoday

මැ.කෝ ගේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Admin

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday

“නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම වරදක් නෑ” – එජාප චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු

colombotoday

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

Admin

රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

colombotoday