Colombo Today Local News

වාරියපොල විරෝධතාකරුවෝ ඇමති හේරත්ගේ නිවෙසට කඩාවදිති

වාරියපොල නගරයේ විරෝධතාවයේ යෙදුනු පිරිසෙන් කොටසක් රජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය එය වලක්වා තිබේ.

ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර පොලිසිය විසින් නිවසට ඇතුළුවන මාර්ගය වසා මාර්ග බාධක යොදා ඇත.

විරෝධතා පාඨ කියමින් එහි පැමිණි පිරිස පොලිස් බැරියර් පෙරළාගෙන යාමට තැත් කළ අතර පොලිසිය විසින් එය වළකා ඇත.

එහෙත් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස සහිත ඉඩමේ වැටෙන් ඇතුළු වූ විරෝධතාකරුවන් නිවස දෙසට දිව යද්දී අමාත්‍යවරයාගේ නිවසේ සිටි අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග විරෝධතාකරුවන් ආපසු මාර්ගයට පැමිණ විරෝධතා පාඨ කියමින් සිට පැයකට පමණ පසුව විසිර ගොස් ඇත.

Related posts

බදියුදීන්ගේ කට වසමින් ඇමරිකන් ගිණුම ගැන පොලිසියට පැමිණිලේ කෙරේ

colombotoday

කොරෝනා මුස්ලිම් මරණ භුමිදානයට අවසර දෙන තෙක් අයිස් පෙට්ටිවල ගබඩා කිරීමට යයි? සබ්‍රි අයිස් පෙට්ටි දෙන්න පොරොන්දු උනාද? ලිපියකුත් සංසරණය වෙයි.

colombotoday

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)

colombotoday

කොරෝනාවෙන් ප්‍රංශයේ මියයන මුස්ලිම් ජාතිකයන් වලලන්න ඉඩදුන් ජනපතිට, බදුර්දීන්ගේ ස්තුතිය

colombotoday

“ඇමතිකමක් ලැබිලත් අර්ථවත් දෙයක් කරන්න මට බැරිවුණා“ – හරීන්

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday