Colombo Today Local News

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ අයෙක් ළිඳට පනී

වැලිවේරිය, වෑබඩදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධියෙන් විදෙස්ගතව සිට පැමිණි 32 හැවිරිදි කාන්තාවක් ඝාතනයට ලක්ව, ඇයගේ සොහොයුරිය හා යෙහෙළියක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.

පෞද්ගලික ආරවුලක් ඊට හේතු වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනය සිදු කළ 37 හැවිරිදි සැකකරු ද එම තියුණු ආයුධයෙන්ම සිය ගෙල පිටුපස කපාගෙන අසළ ළිඳකට පැන සිටියදී සොයා ගෙන ඇති අතර, ඔහුව ගොඩට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

ලෝක ඒඩ්ස් දිනය අදයි

colombotoday

අමාත්‍ය නසීර් අහමඩ් නෙරපීමේ තීරණය නීත්‍යානුකූල බව අධිකරණය කියයි

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට උපදේශක සභාවේ අනුමැතිය

colombotoday

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කෙරේ…

Admin

බුද්ධි තොරතුරක් මත සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday