Colombo Today Local News

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයට යලිත් රජයට එක් වන ලෙස ආරාධනා කල බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.

රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වි සිටින ලංකා කම්කරු කොන්ග්‍රසයට යලිත් රජය සමග එක් වි කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයට ආරාධනාවක් ලැබුණු බව එම පක්ෂයේ ජාතික සංවිධායක පි.සත්‍තිවේල් මහතා පැවසිය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (17) දින පි.සත්තිවේල් මහතා වැඩි දුරටත් මෙසේ පැවසිය.

රටේ උද්ගත වි තිබෙන ආර්ථික අර්බුධය සහ දේශපාලන අස්ථාවරත්වය මත තම පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ සමගම අප පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කල මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාත් රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වෙලා ඉන්නේ.
අද රජයට සහයෝගය දුන් විශාල පිරිසක් ඉවත් වෙමින් යන අවධියක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අප පක්ෂයේ නායකයාට කතා කරලා නාමල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍ය ධුරය දරපු ක්‍රිඩා අමාත්‍යංශය ,ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශය ජිවන් තොණ්ඩමන් මහතාට ලබදෙන්නත් , ඊට අමතරව වතු යටිකතල පහසුකම් අමාත්‍යංශයත්, පශු සම්පත් අමාත්‍යංශයත් ලබාදෙන්නම් කියලා පොරොන්දු වුණා.

ජිවන්ට රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්න බැරි නම් එම කැබිනට් අමාත්‍ය ධුරය අප පක්ෂයේ සභාපති සහ භාණ්ඩාගාරික මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට ලබාදෙන්න පුළුවන් කියලා නාමල් රාජපක්ෂ මහතා කිව්වා.

අපට අවශ්‍ය තනතුරු නෙවෙයි මේ රටේ වතු කම්කරුවන් ඇතුළු බහුතර ජනතාව ඉන්ධන , ගැස් ඇතුළු ආර්ථික අර්බුධ රැසකට මැදි වෙලා ඉන්නවා , එවන් අවස්තාවක එම ජනතාවට මුලින්ම සහන සැලසිම තමයි රජය කල යුත්තේ.

අපි රජයෙන් ඉවත් වුණෙත් වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය පිලිබදව සැහිමකට පත් නොවු නිසා.
සමස්ත රටේ ජනතාවම වත්මන් රජය කෙරෙහි අප්‍රසාදය පල කරන අවස්තාවක අපට රජයේ කැබිනට් අමාත්‍ය ධුර අරගෙන වැඩක් නැ.
විපක්ෂයෙන් රජයට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනනාවේදි අපි මධ්‍යස්ථව ඉන්න තිරණය කරලා තියෙනවා යනුවෙන් පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ශ්‍රීලනිපය කඩන්න මහින්දට උවමනාවක් නෑ.. වෙනත් අදිසි හස්ථයක් ක්‍රියාත්මකයි – මහින්ද අමරවීර

colombotoday

වාරියපොල බන්ධනාගාරයට ගංජා යැවීමට තැත්කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

ව්‍යාජ ලිපි පෙන්වා කොළඹට ඇතුළු වන අයට වසර 5ක සිරදඩුවම්

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday

පාර්ලිමේන්තුවේදී ඩයනාට සුජිත් පෙරේරා පහර දෙයි

Admin