Colombo Today Local News

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

chatura

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී දෙරණ රූපවාහිනිය හා දිවයින පුවත්පත ඉලක්ක කරමින් එහි මාධ්‍යවේදීන්ගේ නම් සදහන් කර “රීරියකා, ගෙම්බා” වැනි වචන භාවිතා කරමින් දැඩි අවලාදයක් නැගූ අතර අගමැතිවරයාගේ එම චෝදනාවලට දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී චතුර අල්විස් ප්‍රතිචාර දැක්වීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු විසින් මාධ්‍යවේදීන්ගේ නම් ගම් සදහන් කරමින් පාර්ලිමේන්තුවේදී චෝදනා කළ ඉතිහාසයේ ප්‍රථම වතාව ලෙස මෙය සදහන් වන අතර අගමැතිවරයාගේ වාග් ප්‍රහාරය පරිනත දේශපාලනඥයෙකුට කිසිසේත් නොගැළපෙන්නක් බවත්, ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන මාධ්‍යවේදීන්ට මෙලෙස අවලාද කරමින් ඔවුන් අනියම් ලෙසින් තර්ජනයට ලක් කිරීම හෙළා දකිමින් බොහෝ පාර්ශව විසින් අදහස් දක්වා තිබුණා.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් කරන ලද මෙම අනියම් තර්ජනය සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය යැයි කියාගන්නා කිසිදු සංවිධානයක් මේ වන තුරු නිවේදනයක් හෝ නිකුත් කර නැහැ.

 

Related posts

කුරානයක් සමග (හිමිනමක්) මහරගමදී අල්ලා පොලිසියට බාර දෙයි… කුරානය බිම වැටී (හිමිනම) නොසන්සුන් වෙයි…

colombotoday

කථානායක හා පක්ෂ නායකයන් රැස්වෙයි… අද පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක් ගනී…

colombotoday

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි

colombotoday

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ… – ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Admin

නුසුදුස්සෙක් ඉවත් කරන්න පොලිස්පතිවරයාගෙන් නියෝග

Admin

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday