Colombo Today Local News

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

ඉංගිරිය – මෙනේරිගම ප්‍රදේශයේ ඉදිකටුව මං සන්ධියේ සපත්තු පාලමක් මතින් ගමන් කිරීමට උත්සාහ ගත් ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසුව මාවක්ඔයේ අතු ගංඟාවකට පෙරළීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, අද අළුයම (10) 12.30ට පමණ තවත් දෙදෙනෙකු සමග අදාළ ත්‍රිරෝද රථ රියදුරු කුලී ගමනක් පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.

ඊයේ (09) උදෑසන සිට එම ප්‍රදේශයට පැවති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාවක්ඔයේ අදාළ අතු ගංඟාව පිටාර ගලමින් තිබී ඇති අතර කුලී ගමනට එක්වූ මගීන් දෙදෙනා පාලමෙන් එතෙර විය නොහැකි බව පවසා ත්‍රිරෝද රථයෙන් බැස ඇත.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ රියදුරු ඔවුන්ගේ අනතුරු ඇගවීම නොතකා සපත්තු පාලම මතින් ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී ත්‍රිරෝද රථය සැඬ පහරකට හසුව මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

Related posts

තවත් වෙ-ඩි තැබීමක්

Admin

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

colombotoday

ජනපති මෛත්‍රී අකිහිතෝ අධිරාජයා හමුවෙයි

colombotoday

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin

වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

colombotoday

අවුරුදු හතරක දැරියට පහරදුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

Admin