Colombo Today Local News

ප්‍රචණ්ඩත්ව රැල්ලක් ඇති විය හැකි.. විධායකය සහ ව්‍යවස්ථාධායක එක්ව රට ස්ථාවර කරන්න – වගකිවයුත්තන්ට ලිපියක්

රටතුළ ගොඩනැගෙමින් පවතින දැවැන්තත මහජන විරෝධය සැලකිල්ලට ගනිමින් අන්තර්වාර රජයක් පිහිටුවීමට විධායකය සහ පාර්ලිමේන්තු හැකි ඉක්මණින් කටයුතු කළ යුතු බවත් මෙම ප්‍රවණතාව දිගින් දිගටම පැවතුණහොත් මහජනතාවට සහ ආර්ථිකයට බරපතල හානි වන ප්‍රචණ්ඩත්ව රැල්ලක් ඇති විය හැකි බවත් වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් රැසක් කථානායකවරයා ඇතුළු වගකිවයුත්තන්ට ලිපියක් ඔස්සේ පෙන්වාදී තිබේ.

විධායකය සහ පාර්ලිමේන්තු එක්ව මෙම සතිය අවසන්ත වන විට රටතුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකිරීමට ප්‍රායෝගිකව කටයුතු කරන ලෙස දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සහ සියලු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.

රටතුළ පවතින ව්‍යසනකාරී ආර්ථික රැල්ලත් සමඟ කර්මාන්ත, අපනයන සහ සෙසු තීරණාත්මක අංශ අකර්මණ්‍ය වුවහොත් එහි අවසාන ප්‍රතිඵලය ලෙස සමස්ත සමාජ ව්‍යුහයම විනාශ වන බවත් එයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සහ ණය ප්‍රතිව්‍යූහගතකරණය ඇතුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත් වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් රැසක් කථානායකවරයා ඇතුළු වගකිවයුත්තන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ආයතන, අපනයනකරුවන්, ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සංචාරක අංශය, නාවික සහ සැපයුම්කරුවන්, සෙසු සේවා සපයන්තනන් මෙන්ම අනිකුත් බෝහෝ වැදගත් අංශ සාමුහිකව නියෝජනය කරන බවත් මෙම සියලු ක්ෂේත්‍රවල සැපයුම්දාමයේ වේගවත් හා ස්ථාවර බිඳවැටීමක් පවතින බවට පැහැදිළි සාක්‍ෂි තිබීම නිසා මෙම තත්වය මුල්‍ය වෙළෙඳපොල සහ බැංකු පද්ධතිය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බව ද එම ලිපියේ සඳහන් වේ.

මෙම ලිපියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ සංගම් 38 ක නම් ඇතුළත් වේ.

එම ලිපිය පහතින්….

Related posts

සුපර්මෑන් පනත දකුණේදීත් පරාදයි.. සබරගමුවේදීත් වැඩි ඡන්දයෙන් විසිකර දමයි

colombotoday

සිනමා ශාලා වසාදැමේ

colombotoday

ජනපති-අගමැති කිරිපැණි වගේ.. ඇතැම් අය විකෘති මතයක් සමාජගත කිරීමට උත්සහා කරනවා

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday

රනිගේ ව්‍යවස්ථා යෝජනා පිළිගනු.. බැරිනම් පුනරුත්ථාපනය වෙනු – දඹර හිමියෝ අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ට ගෑස් පෙන්නයි…

colombotoday