Colombo Today Local News

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවද හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස,වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භාවිතා කරන බව වාර්තාවේ.

මිට අමතරව හිටපු ඇමැතිවරුන්ට තවමත් ඇමති ආරක්ෂකයන්ගේ රැකවරණය ලබා දෙන බව ද එම ආරංචි මාර්ග පවසයි.

ඇමැතිවරුන්ට කොළඹ කැප්පිටිපොළ මාවතේ සහ ටොරින්ටන් පෙදසහි පහසුකම් සහිත නිල නිවාස හිමි අතර හිටපු කැබිනට් ඇමැතිවරු තවමත් ඒවායේ වාසය කරන බව ද සඳහන්ය.

කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පමණක් හිමිව සිටින හිටපු ඇමැතිවරුන් එම නිවාසවලින් ඉවත්ව මන්ත්‍රීවරුනට හිමි නිල නිවාසවල පදිංචියට යා යුතු නමුත් කිසිදු ඇමැතිවරයෙක් එලෙස නිවාස මාරුකර නැතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ලියවිල්ල සැකසීමට කමිටුවක්

colombotoday

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

colombotoday

ගුටිකෙළි මැද GMOA වෛද්‍ය සභාවේ බලය අල්ලයි

colombotoday

බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා ඉතිරිව සිටින භික්ෂූන් වහන්සේලාත් නැති කරන්නයි මේ හදන්නේ – හිටපු ජනපති

colombotoday