Colombo Today Local News

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

ලබන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම වසරට (2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකි වන්නේ නම් තෙවැනි වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් පැවත්වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස පහළොස් වැනිදා ද උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 17 වැනිදා සිට ද පැවැත්වීමට අමාත්‍යාංශය දැනට සැලසුම් කර තිබෙන අතර මෙම වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස පළමු සතියේ දී පැවැත්වීමට නියමිත ය.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 23 වැනිදා ආරම්භ කෙරේ.

Related posts

උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට ආණ්ඩුවෙන් වන්දි මුදලක්

colombotoday

රංජන්ගේ හඩපට සැසදෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

colombotoday

මහ මැතිවරණයට කලින් පොහොට්ටුව කරන්න යන වැඩේ

Admin

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday

නොදන්නා දේශපාලනයට ෆොන්සේකා පැමිණීමද මා පාර්ලිමේන්තු දේශපාලනය අතහැරීමට හේතුවක්.. මංගල සරත්ට සැරටම කියයි

colombotoday

අම්බලන්ගොඩ මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරු පොලිසියට ඇවිත්

Admin