Colombo Today Local News

අන්තර්කාලීන ආණ්ඩුවකට කල යෝජනාවට යහපත් ප්‍රතිචාර – විමල් වීරවංශ

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා සඳහන් කරයි.

තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සමග ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බව විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ඉදිරි සතිය තුළ එම වැඩපිලිවෙළ ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මේ අතර හදිසි නීතිය පැනවීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

Admin

පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කනස්සල්ල

Admin

හිස්බුල්ලා තවත් බලවත් වෙයි… ජනපතිගෙන් අලුත් තනතුරක් !!

colombotoday

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday

පුතා හිරේ දැම්මත් අද සතුටු වියහැකි කාරණාවත් තිබෙනවා – හිටපු ජනපති

colombotoday