Colombo Today Local News

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

vigneshvaranඋතුරේ සහ දකුණේ ජනතාවට සම්මුති හා ගිවිසුම් මගින් කටයුතු කිරීමට නොහැකි නිසා උතුරට ස්‌වයංපාලනය දිය යුතු බව උතුරු මහඇමැති සී. විග්නේශ්වරන් මුලතිව් සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම අමතා ප්‍රකාශ කර ඇත.

මධ්‍යම රජය පළාත් සභාවේ හිමිකම් රැගෙන කටයුතු කිරීම අපේ ඇඳේ වෙනත් අයකු සිටීමට සමාන ක්‍රියාවක්‌ බවද හෙතෙම පවසා තිබේ.

ස්‌වයංපාලන හිමිකම රජය පිළිගතහොත් පළාත් සභාවට හිමි බොහෝ දේවල් ලබා දීමට රජයට සිදුවන බව පැවසූ විග්නේශ්වරන් මේ ගැන එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන්ට දන්වන බවද කියා සිටියේය.

උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීම් හා කැලෑ එළිකිරීම් ගැන පැමිණිලි රැසක්‌ ලැබී ඇති බවද ඔහු පැවසීය.

Related posts

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

colombotoday

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති. මුදල් අමාත්‍යංශය අලි සබ්රිට

colombotoday

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

colombotoday

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

colombotoday