රටේ කාටත් නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවට තමන් විශ්වාස කරන බවත්, එසේ වුවත් හිරුණිකාට එක නීතියකුත් හාමුදුරුවන්ට එක නීතියකුත් ක්‍රියාත්මක වීම පිළිබදව රටේ ජනතාව සෑහීමට පත් නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ බොරලැස්ගමුව නීලම්මහර ප්‍රදේශයේ ජනහමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැණයකට පිළිතුරු දෙමිනුයි මේ මහතා මේ බව පවසා සිටියේ. ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ නම් බැනරයක් මල් පොහොට්ටුවක ලකුණද සහිතව එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබුණු අතර මහින්ද රාජපක්ෂ මහතා ඒ පිළිබදවද අදහස් දක්වා සිටියා.