Colombo Today Local News

හිරුනිකා පන්නා සාස්තර කියන ඥානක්කාට STF, පොලිස් ආරක්ෂාව දෙයි

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීිනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක් “දූෂිත ආණ්ඩුව පලවා හරිමු..”යන මැයෙන් සංවිධානය කළ අනුරාධපුරයේ දී සංවිධානය කළ උද්ඝෝෂණයක් ආරක්ෂක අංශ මැදිහත්වි වී විසුරුවා හැර ඇත.

බස් ර‍ථ වලින් හා වෑන් රථවලින් පැමිණි ඔවුන් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් අනුරාධපුර ගුවන් තොටුපොළ මාර්ගය ඔස්සේ ගමන් කරමින් ඉසුරු පුර පදිංචි ඥානඅක්කා නමැති කාන්තාවකගේ නිවස අසලට පැමිණි අවස්ථාවේ පොලිසිය මැදිහත් වී පෙළපාලිය විසුරුවා හැර තිබේ.

අනුරාධපුර ගුවන්තොටුපල මාර්ගයේ සිට ඉසුරු පුර ග්‍රාමයේ විවිධ ස්ථානවල විශේෂ කාර්ය බලකාය,පොලිස් නිලධාරින් හා කාන්තා පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා ඇත.

යම් කලහාකාරී සිදු වීමක් සිදු වුවහොත් ඊට මුහුනදිම සදහා යොදා ගැනෙන ජල ටැංකි රථ, මෙන්ම කඳුළු ගෑස් විදින අවි ආයුධ වලින් සමන්විත වූ පොලිස් නිලධාරින් විසින් ඥානඅක්කා නමැත්තියගේ නිවස හා දේවාලය අසල ආරක්ෂා තර කර ඇත.

Related posts

“හිතේ ගින්දර නැතිව ලිපි ගිනි මෙලවිය හැකි සුබ අළුත් අවුරුද්දක් වේවා” – හිටපු ජනපතිගේ අලුත් අවුරුදු පැතුම

colombotoday

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

ඉන්දියාවෙන් තෑග්ගක්

Admin

රටම බලා සිටින තීන්දුව 5ට….

colombotoday

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin