World

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

යුක්රේන හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් රුසියානු දේශ සීමාවට ඇතුළු වී, රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ බොර තෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි එම පළාතේ ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පවසයි.

රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේනය රුසියානු දේශසීමා උල්ලංඝනය කරමින් පහර දීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

යුක්රේන ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රේඩාර් පද්ධති වලට අසු නොවන ආකාරයට ඉතා පහළින් පියාසර කරමින් රුසියානු දේශ සීමාවට ඇතුළු වී බෙල්ගොරොඩ් පළාතේ බොරතෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පැහැදිලි කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි සිදු වී නැතත් පුද්ගලයන් දෙදෙනෙකු සුළු තුවාල ලැබූ අතර සිද්ධිය සැල වූ වහාම අවට සිවිල් වැසියන් ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.

ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කරන්නේ තෙල් ගබඩාවට එල්ල කළ මෙම ප්‍රහාරය අනාගත සාම සාකච්ඡා වලට බලපෑමක් එල්ල කරනු ඇති බවය.

Related posts

දෙවියන් ශ්‍රේෂ්ඨයි කියමින් තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තබා ඝාතනය කළහැටි මෙන්න

colombotoday

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

බීජිං හි ගිනි ගත් රෝහලලේ 29ක් මරුට

Admin

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

colombotoday

“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday