Colombo Today Local News

රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක්- විපක්ෂ නායක සජිත් කියයි

රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරයටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(01)විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

ජනතාව මොහොතින් මොහොත ජීවත්වීමේ අරගලයක යෙදී සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවද දැන් රට අරාජික වී ඇතැයිද පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුලින් ජනතාව මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එවැන්නකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද කීය.

ජනතා බලාපොරොත්තු සුන් කොට රටට අන්ධකාරය ගෙනා මේ දුර්වල අකාර්යක්ෂම ජනතා විරෝධී ආණ්ඩුව, ජනාධිපතිවරයා ප්‍රමුඛව ඉල්ලා අස්වී රට කරගෙන යාහැකි කණ්ඩායමකට භාරදිය යුතු බවද ඒ මහතා පැවසීය.

මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්ධනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීමටත් හයසියකට අධික නීතිඥ පිරිසක් ඒ වෙනුවෙන් සූදානම්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

කතෝලික සභාවේ ශාසනික වචන අවභාවිතය හා සිංහල බෞද්ධ සංස්කෘතිකාංග මංකොල්ලකෑම සම්බන්ධව පැමිණිල්ලක්.

colombotoday

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද මෙරටින් පිටවෙයි.

colombotoday

“තෙල් බවුසරයට ගිනි තිබ්බ නම් අද රඹුක්කනක් නෑ… පොලීසිය තමන්ට ඇති බලතල අනුව කටයුතු කළා.”

colombotoday

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin

ගුවන්තොටුපළට අමුත්තන් ඇතුළුකර ගැනීම නවත්වයි !

colombotoday